බුද්ධ මන්තර

මන්ත්‍ර

සබ්බපාපස්ස අකරණංකුසලස්ස උපසම්පදාසචිත්ත පරියෝදපනංඒතං බුද්ධානසාසනං

ඔබට මන්තර ගුරුව සම්බන්ද කරගැනීමට දෙයක් කරවා ගැනීමට  mantharagurukam@gmail.com වෙත ගැටලුව යොමුකරන්න.

තථාගතයන් වහන්සේලා විසින් දේශනා කරන ලද සියලු බුද්ධ දේශනාව සාරය කොට ගත් මේ ගාථා ධර්මය අප කවුරුත් අහල තියෙන පාඩම් තියෙන තේරුමත් දන්නා ගාථා ධර්මයක්.
පුද්ගලයන්ට ඇතිවන්නා වූ ග්‍රහ දොaෂවලදී ප්‍රබල සබ්බපාපස්‌ස යන්ත්‍රයෙන් හා එම ගාථා රත්නයෙන් මහත්ම වූ ඵල සහ ආනිසංසයන් ලබා ගතහැකි අතර විශේෂයෙන් ප්‍රේත, පිසාච ආදී පියවි ඇසට නොපෙනෙන්නාවූ බලවේගයන් සඳහාද ඇස්‌වහ කටවහ දෝෂද, අණ විණ, කොඩිවිණ සඳහා ද විශේෂ ලෙස ගුණ ලැබිය හැකි මෙම යන්ත්‍රයට කිලි කුණු බලපාන්නේ නැත. මෙම බුදුගුණ යන්ත්‍රය සකස්‌ කරන ඇදුරුතුමා ඉතා සිල්වත් විය යුතු අතර, සම්පූර්ණයෙන් නිර්මාංශ, නිත්‍ය සීලය රකින්නෙකු විය යුතුය. අනුන් හට කරුණාව දයාව හා සතුරාටද මෛත්‍රී කරන්නෙකු විය යුතුය. යන්ත්‍රය සකස්‌ කිරීමේදී නිවැරදිව ප්‍රස්‌ථාරගත කළ යුතු අතර යන්ත්‍රයේ ඉරි නොකැපෙන අන්දමට ප්‍රස්‌ථාර ගත කිරීමට වගබලා ගත යුතුය.

මෙම බලගතු යන්ත්‍ර රත්නයෙන් නිවාස ආරක්‌ෂා කිරීමේදී සතර කොණ ආරක්‌ෂක යන්ත්‍රය හැටියට යොදා ගෙන තිබේ. බුදු ගුණ යන්ත්‍ර කිසි විටෙක පොළොවේ යට තැන්පත් කිරීම සුදුසු නැති අතර නිවසක මුලු සතරේ බඳුන්වල දමා එල්ලීම සුදුසු වේ. නමුත් එම කටයුතු වලදී දක්‌ෂ ඇදුරෙකුගේ උපදෙස්‌ ලබා ගත යුතුය.

බෝමළුවක්‌ අසලට නිර්මාංශව ගොස්‌ පංච ශීලයෙහි පිහිටා සියලු වත් පිළිවෙත් ඉටු කර 1000 වරක්‌ සබ්බපාපස්‌ස ගථාවෙන් පිරිත් කොට සබ්බපාපස්‌ස යන්ත්‍රය පැළඳීමෙන් සියලුම ආකාරයේ සෙනසුරු ඒරාෂ්ඨක අපල දුරුවී දියුණුව, රැකී රක්‌ෂා ලැබීම, සතුරු කරදර මඟහැරී කේන්ද්‍රයේ තිබෙන කුජ, ශනි, රවි,කුජ, රාහු, චන්ද්‍ර, දෝසද අඟහරු 7 පවතින විවාහ දෝසවල බලපෑම අඩුවී විශ්මිත සුභ ඵල ලැබිය හැකි අතර මෙය කිලි දෝස නැති යන්ත්‍රයකි.

ඔබට සියලුම මන්තර ඇතුලත් අපගේ මන්තර පොත ලබා ගැනීම සදහා මෙතනින් යන්න Click Here