පාඩම් මතක සිටීමට

පාඩම් සිටීමට  ඕං සිද්ධ බුද්ධි ගණපති ඒස්‌වාඃ  බුලත් කොළයට මෙයින් හත්වර මතුරා බුලත සපාකමින් පාඩම් කරන්න. පාඩම් කළ දෙය කිසි විටෙක අමතක නොවේ.

 පාඩම් සිටීමට


ඕං සිද්ධ බුද්ධි ගණපති ඒස්‌වාඃ


බුලත් කොළයට මෙයින් හත්වර මතුරා බුලත සපාකමින් පාඩම් කරන්න. පාඩම් කළ දෙය කිසි විටෙක අමතක නොවේ.


පාඩම් සිටීමට තවත් මන්ත්‍රයක්‌


අං අං හුං හුං සපුනානි සෙනසුරාය නමඃ


ඕං අයියුං කිලියුං සනි සෙනසුරාය නමඃ


ඕං හ්රීං මාගේ සර්වාංගයට ශාස්‌ත්‍රධාරණී


දිෂ්ටිලා වරෙන්, පුල දිෂ්ටිලා වරෙන්


මුඛ ආරූඬ වර වර ඒස්‌වාහඃ


සල්දුම්මල වලට මෙම මන්ත්‍රියෙන් 108 වර මතුරා දුම් මුහුණට අල්ලන්න. දුම් ගිලුනාට වරදක්‌ නොවේ. තුන් වරුවක්‌ මෙය කිරීමෙන් පසු පුදුමාකාර ධාරණ ශක්‌තියක්‌ ඇතිවේ.


සරස්‌වතී මහා දේවී වීණා පුස්‌තක ධාරණී


හංස වාහිනී සමායුක්‌තං විද්යුදාන කුරුමම


මෙම ශ්ලෝකය හත්වරක්‌ කියා පොතට නමස්‌කාර කර පාඩම් කිරීමෙන් මතක ශක්‌තිය වර්ධනය වේ. ප්‍රතිපත්ති ගරුකව පාඩම් කිරීමෙන් උසස්‌ ප්‍රථිඵල ලැබේ.


ඕං නාරායන ගුරු රාදී සරස්‌වතී නමෝතුබසම් වංස දේවී නමෝ නමඃ


අලුයම අවදි වී මුහුණ කට සෝදා පිරිසිදුව පෙරාගත් වතුර වීදුරුවකට මෙම දැහැණින් 21 වර මතුරා බී පාඩම් කරන්න. දින 21 කින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. දැහැනේ අකුරු නිවැරදිව උච්චාරණය කළ යුතුය.


ඕං හ්රීං හලං ස්‌වාඃ ගුණවරම් ගුණවරම්


බදාදා දිනයක උදේ බුද හෝරාවෙන් ගොටු කොළ හතක්‌ සහ උඳුපියලි කොළ හතක්‌ කඩා ගෙනැවිත් කොට එම යුධ තැඹිලි ගෙඩියක කපා මිශ්‍රකර මෙම මන්ත්‍රයෙන් 108 වර මතුරා බදාදා දින තුනක්‌ බොන්න. පාඩම් සිටීමට යහපති


ධාරණ ශක්‌තියට


ඉත්‍යාම්පි වාචනඃ ශ්‍රී ශ්‍රී වරාචන්ද්‍ර අහා අහා


ශ්‍රී කාන්තා පරමෙ දෘෂ්ටඃ මහා ඥණ වසුන්ධරඃ


සරස්‌වතී චාචානං ජීවිභාග්‍ර පාර්වතී සතතං


පාලේන්තු මන්දිරම් අග්‍රමාන් හෘද පේක්‌ෂණී


පිරිසිදු ජලය හත් වරක්‌ පෙරා නොයිඳුල් වීදුරු භාජනයකට ගෙන පිච්ච මල් 21 ක්‌ බඳුනට දමා බඳුන අතට ගෙන ඉහත සඳහන් මන්ත්‍රයෙන් 21 වර මතුරා වතුර පානය කර අලුයම හිරු පෑයීමට පෙර පාඩම් කරන්න. මන්ත්‍රය සිද්ධිවනතුරු දිනපතාම කරන්න.


විභාගයට වාඩිවී පිළිතුරු ලිවීමට පෙර මන්ත්‍රය හත්වර සිහිකර ලිවීම ආරම්භ කරන්න. අමතක වූ සියලුම දේ වහා මතකයට එයි. විශ්මය ජනක ධාරණ ශක්‌තියක්‌ ඇති කරන මන්ත්‍රයකි