මහා රාජ තරංගනී තෛලය

 

මහා රාජ තරංගනී තෛලය

මහා රාජ තරංගනී තෛලය අවශ්‍ය කෙනෙකු ඉන්නවනම් කියන්න හදල මතුරල දියහැකිය.


අප විසින් බොහෝ තෙල් වර්ග බාවිතා කරනු ලබන්නේ විවිධ ලෙඩරෝග සුවකර ගැනීම සඳහාය.දේශීය වෛද්ය සාස්ත්රයේ මෙවැනි තෙල් වර්ග රැසක් ඇත.මේවායින් වෙනස් වූ ධනය,බලය,ආරක්ෂාව,අභිවෘද්ධිය නිතැතින්ම සලසන ගුප්ත ශක්තියෙන් අනූන මහා බලැති තෙල් වර්ග කිහිපයක්ද පවතී*

ඉපැරණි පුස්කොල අතර ලියවුණු*මහා හෙනරාජ තෛලය,මහා රාජ තරංගනී තෛලය එම සියළු තෛල වට්ටෝරු අතරින් අග්ර ස්ථානය ලබාගන්නා බව නොරහසකි.පිය පාර්ශවය නියෝජනය කරන පියරාජ තෛලය වශයෙන් මහා හෙනරාජ තෛලයත්*මවු පාර්ශවය නියෝජනය කරන මවුරාජ තෛලය වශයෙන් මහා රාජ තරංගනී තෛලයත් බව ශාස්ත්රය තුල ඉර්ශීන් විසින් පැහැදිලිව දක්වා ඇත.මහා රාජ තරංගනී තෛලය දෙවැනි වන්නේ මහා හෙනරාජ තෛලයට පමණි.ඈත අතීතයේ පටන් රජ,සිටු,මැති,ඇමැතිවරුන් අතර ඉතාම රහසේ බාවිත කල මහා රාජ තරංගනී තෛලය අදද මේ දක්වා රජ,සිටු,මැති,ඇමැතිවරුන් හැරුණුවිට සමාජයේ විවිද වෘර්තීන්හි ව්යාපාරයන්හි නියලෙන උසස් ප්රභූ පන්තියේ පිරිස් අතර ඉතා ජනප්රියව බාවිතා වන බව දැකගන්නට පිලිවන.එකල රාජකීය වෙදදුරන් සතුව පැවති නියමිත වට්ටෝරුවට අනුව මහා රාජ තරංගනී තෛලය නිසි ආකාරයට සිඳවීම ඉතාම දුෂ්කර හා අසීරු කටයුත්තකි.

 ඒ සඳහා මෙකල විශාල මූල්යමය පිරිවැයක් දැරීමට සිදුවීම මේ සඳහා අවශ්ය අති දුර්ලභ ඖෂධයන් සපයා ගැනීමට ඇති අසීරුතාවය ප්රදාන කරුනු වශයෙන් දක්වාලිය හැකිය.මහා රාජ තරංගනී තෛලය සිඳවීමට ප්රථමයෙන් ජෝතිශ්ය විද්යාවට අනුව උසස් සිද්ධි යෝග අල්ලා නැකැත් 7ක් සාදනු ලබයි.ඉන් ප්රථම නැකත-ඖෂධ නෙලීමටත්*දෙවන නැකත-එම ඖෂධ කෙටීමටත්*තෙවන නැකත-ඖෂධ යුෂ නැලි ලිප තැබීමටත්*සිවුවන නැකතතෙලට කල්ක යෙදීමටත්*පංචම නැකත-තෙල් ලිපෙන් බෑමටත්*සවෙනි නැකත-සිඳගත් තෙලට දේවතා බන්ධන ජීවම ඇරැඹීමටත්*සත්වන නැකත-ජීවම් දිෂ්ටි බන්දා ජප තහවුරු කර ජීවම අවසන් කිරීම සඳහාත් නියමිත වේ.මෙසේ උසස් නැකැත් හත සාදාගැනීමෙන් අනතුරුව ප්රථම නැකතින් ඖෂධ සෙවීම ආරම්බ කල යුතුය.මහා රාජ තරංගනී තෛලය සඳහා නියමිත ඖෂධනම්*සැවැන්දරා-ඉරිවේරිය-කලාඳුරු-තොටිල-පලොල්-බැවිල-නික දළු හාතාවාරිය ඇසළ-කොට්ටන්-කරඳ-විස දූවිලිය-කලු හබරල-කිතුල් මුල්-නෙලුම් දඬු-රුක් පොතු-විල් නානු-රුක් අත්තන,අඬහැර-කොබෝලීල-එල බිම් තඹුරු-රස ඔලිඳ-කරල් සැබෝ-කව්ඩු බෝ පිලිල-අරලු-බුලු-නෙල්ලි-ගිනි හිරිය-අහු දළු-අන්දර පිලිල.මේවා ඉතාම ශුද්ධ ලෙසින් සොයාගත යුතුය අතලොස් පිරිස මෙම ඖෂධ සොයන කාලය තුල අනෙකුත් යථෝක්ත පිරිස විසින් ගැහැණු කටහඬක් නොඇසෙන වනයක ඇති බෝ ගසක් මුල සුද්ධ පවිත්ර කර හඳුන් කිරිපැන් ඉස එහි ස්වාභාවික ද්රව්ය යොදා මඩුවක් තනා ඉන වටක් උසින් ලිප බැඳ ප්රදාන ලිප් කොටුවට සතර මුළු වලින් තවත් කුඩා පරිවාර කුඩා ලිප් සතරක් බැඳිය යුතුය මෙසේ කර ලිප් වටා මහත ලී කනු සතරක් සිටුවා එහි යකඩ දම්වැල් ඇද ලිප කොටුකර ගොමගා පාවාඩ එලා උඩුවියන් බැඳ නවකොල අතු එල්වා මඩුවට ඉදිරි පසින් තරංගනී යහන සාදා එහි මුදුන් මහල සුදු පිලියෙන් වියන් බැඳ බුදු පිලිමයක් වඩා හිඳුවා බුදුන්ට වෙන්කර දෙවන මහල මැද ගැබ රන්වන් පිලියෙන් වියන් බැඳ එය තරංගනී දේවියට වෙන් කර තෙලට අධිගෘහිත අනෙකුත් විෂ්ණු,කතරගම,දැඩිමුණ්ඩ,හනුමන්තා යන පරිවාර දෙවියන්ට දෙපස යහන බෙදා ඒවායෙහි ඒ ඒ දේවතාවන්ට අයත් වර්නවලින් උඩු වියන් බැඳිය යුතුයි.

මඩුවේ සතර කොන්වල සතර දිශාවෙන් ධෘතරාෂ්ට,විරූඩ,විරූපාක්ෂ,වෛශ්රවන යයි යන සතර වරම් දෙවිවරුන්ට මල් යහන් තනා ඒ ඒ දේවතාවන්ට අයත් වර්න වලින් වියන් බැඳ සරසා ශ්රියා කාන්තාවුන් වහන්සේ වෙනුවෙන් අලංකෘත මල් බුලත් තටු සතරක් සදා නිසිලෙස සරසා නිම කල යුතුය.බෙහෙත් ඇඹරීමට ගන්නා වනවල්,මෝල් ගස්,කල්ක ඇඹරීමට ගන්නා ඇඹරුම් ගල් සෝදා පවිත්රකර සුරැකිව තැබිය යුතුයි. අතලොස් පිරිස විසින් ඉහතින් දැක්වූ දුර්ලභ ඖෂධයන් සොයා රැගෙන ආ විට එම බෙහෙත් සෝදා හඳුන් කිරිපැන් ඉස මල් යහන් වලට පංචෝපචාර සිදුකර එම ඖෂධ ප්රදාන යහනේ තබා සුවඳ දුම් අල්වා පේකල යුතුයි.මේ අවස්ථාවේ එක් ඇදුරුතෙමක විසින් මල් බුලත් තටු වලට නිසි දොල පුද තබා ඊශ්වර ගිනි දැහැන-කල්ලු වෙසමුණි මුද්රාව-විදුලි හෙන ගිනි බන්ධනය-අල්ලිගුරු දැහැන-භෛරව ඉනාව වැනි ප්රධාන මන්ත්ර වලින් මතුර තටු කැපකොට ආරක්ෂක හුය ඇදිය යුතුය.මෙසේ ප්රථම වතාවත් නිමකර අවසන්කර ඉන්පසු එළඹෙන දෙවන නැකතට ප්රදාන යහනේ තබා පේකල ඖෂධ වනවලට දමා වෙන වෙනම කොටා ඖෂධ යුෂ පත බැගින් ගත යුතුය"

අප පරපුරේනම් තොටගමුවේ ශ්රී රාහුල හිමියන් වැඩගත් බලවත් යක්ෂ ආත්මයක් මොහොල් ගසට ගෙන්වා ඉතා පහසුවෙන් බෙහෙත් කොටවා ගැනීම සිදු කරනු ලබයි" ඉහත ඖෂධ වලින් ගත් යුෂ පත පත තඹ හැලියට දමා එම යුෂට එලකිරි නැලියක්ද ශුද්ධ එලඟි තෙල් බාගයක්ද දමා කලතා ප්රදාන මල් යහන ඇතුළුව සියළු මල් යහන් වලට පුද පූජා පවත්වා තරංගනී දේවිය ප්රදාන අනෙකුත් සියළු දෙවි දේවතාවන්ට ආරාධනා කර නියමිත මන්ත්ර විදි පුරවා සංඛ නාද තුන් වරක් පවත්වා මංගල බෙහෙරි වාදන මද්යයෙහි තෙවන නැකතින් තෙල් ලිප තැබීමේ මන්ත්රය සිහි කරමින් තෙල් වළඳ ලිප තබා දොහොත් මුදුන් දී තුන් වරක් නමස්කාර කල යුතුයි වැලඳ සුදු පිරුවටයකින් වසා ඉන් පසු තුන් දිනක් කාඩිය කර තුන්වන දින සවස නැවත තැඹිලි තෙල් පතකුත්,අබ තෙල් පතයි,තල තෙල් පතයි,නිඹ තෙල් පතයි,මී තෙල් පතයි,එඬරු තෙල් පතයි,ශුද්ධ එලඟි තෙල් පතයි තෙලට යොදා සිද්ධි යෝගයකින් හෝ බ්රහ්ම මුහුර්ථියෙන් සංඛ නාද මංගල බේරි වාදන මද්යයෙහි ගිනි දැල්වීමේ මන්ත්රය සත්විටක් සිහිකර කුරුඳු දරින් හෝ පැඟිරි දරින් ලිප ගිනි දැල්විය යුතුයි.ගිනි දල්වන අවස්ථාවේ ප්රදාන ලිප සතර කොනේ කලින් තැනූ ලිප්හි පරිවාර කුඩා තෙල් සතරක්ද ලිප තබා ගිනි දැල්විය යුතුයි.

ඒ සඳහා තෛයෝරුව,අංගම් රාජ,යක්ෂ බූත,යක්ෂ දූවිලිය වැනි තෛල වර්ග සතරක් ඒ සඳහා යෙහෙකි.ගිනි දැල්වූ ප්රදාන මහා රාජ තරංගනී තෛලය නෙලුම් පියුමක් මෙන් ගිනි පවත්වමින් තෙල් කල්ක යොදන පදමට ආ විට කල්කයට*දෙසඳුන්-ඉඟිනි ඇට-වැල්මී-තිප්පිලි-අසමෝදගම්-ගෝරෝචන-දෙදුරු-කොකුම් පොතු-තඹ භෂ්ම-රිදී භෂ්ම-රත්රන් භෂ්ම-සාදික්කා-ජටාමාංශ-පොන්නරි-හරිතාලන්-ගල්මද-ගල් නහර-එල ඉඹුල් මැලියම්-කොහොල්ලෑ-දුම්මල-කැකුණ ඉටි-ත්රිජාති-කගවේන අං කුඩු-ත්රිකටුක-මනෝසීල-ගන්දක-හිරියල්-දස මුල්-එලු මරින්දු-නවසාරන-මුතු-,මැණික්-යහුනු-නාමල්-සපුමල්-නෙලුම් මල්-දෑසමන් මල්-රුක් මල්-ඇල් සහල් යන මේ ඖෂධ මංචාඩි දස දස බරින් ගෙන එම ඖෂධ පිනි දියෙන් අඹරාගෙන සිවුවන නැකතින් කල්කලන මන්ත්රය සත්විටක් සිහිකර එක් ඇදුරකු විසින් තෙලට කල්ක එලිය යුතුය.ටික වේලාවකින් කල්ක උච්ච වන විට කල්ක එලූ ඇදුරාද පිස්සුවේ කෑ මොරදී හඬගා ඔහු දුවන්නට හදන විට දුවන්ට ඉඩ නොදී ඔහු අල්වා ඔහුගේ දෑත දෙපය දැඩිව විලංගුලනු ලැබේ.

කල්කය පදම්වී තෙල් පදම ආ විට ශුද්ධ ඇතිව තෙලට අතලූ කල තෙල තුල සිසිලසක් පවතී මේ අවස්ථාවේ එම තෙලට ලූ අතින් තෙල් ගෙන පිස්සු වී සිටින ඇදුරාගේ නලලත ගෑමෙන් ඔහු සැණෙකින් විකෘති සිහියෙන් මිදී ප්රකෘති එළඹ සිහියට එති.නියමාකාරයෙන් නැකැත් සත සාදා තිබේනම් මෙම අවස්ථාවේ පංචම නැකත උදාවී ඇත තෙල ලිපෙන් බානවිට සිහිකරන මන්ත්රය සත් විටක් සිහිකර පංචම නැකතින් තෙල් හැලිය පිරිසිදු වතුරට බානු ලබයි තෙල ලිපෙන් බානවිට සේසත්,කඩු,තෝමර,පලිහ,හෙලි අතැතිව වට රැකවල් කරනු.එහි රැකවල් මැද දිනක් තෙල එහිම තැබිය යුතුයි.මහා රාජ තරංගනී තෛලය උසස්ම ගනයෙහි දිව්යමය තෛලයක් බැවින් මෙම අවස්ථාවේ බ්රහ්මයන්ට අයත් කොටස බ්රහ්ම ලොකයට ගෙන යන බවත් දෙවියන්ට අයත් කොටස දිව්ය ලෝකයට ගෙන යන බවත් නාගයන්ට අයත් කොටස නාග ලෝකයට ගෙන යන බවත් මනුස්ය ලෝකයට අයිති කොටස ඉතුරුවන බවත් ඉපැරණි පුස්කොල පොතේ දීර්ඝ වශයෙන් දක්වා ඇත මෙයින් මහා රාජ තරංගනී තෛලය සිඳවීමේ කටයුතු අවසන් වේ.ඉන්පසු එළඹෙන්නේ බොහෝ දුෂ්කරතා බාධක මද්යයෙහි සිඳගත් මහා රාජ තරංගනී තෛලයට නිසි මන්ත්ර මතුරා දේවතා බන්ධනය සිදුකරන ලබන අවසන් කර්තව්යයයි.

ඒ සඳහා තෛල ජීවමට සුදුසු නිසි තටු පිදේනි සදා ඒවා සරසා ගත යුතුය කලින් තැනූ සියළු මල් යහන්වල විෂ්ණු,කතරගම,දැඩිමුණ්ඩ,හනුමන්තා,ධෘතරාෂ්ට,විරූඩ,විරූපාක්ෂ,වෛශ්රවන දෙවි වරුන්ට පුද පූජා පවත්වා තරංගනී ජපය සඳහා තැනූ තටුවට තරංගනී දේවියට අයත් සියළු පුද පූජා තැබිය යුතුය*රත් කෙසෙල්,විලඳ ,මී පැණි,කිරි,ගිතෙල්,කැවිලි,පලතුරු,හවරිය,පනාව,කන්නාඩිය,සුවඳ මල්,සුවඳ විට(සාදික්කා,වසාවාසි,කරදමුංගු,කරාබු නැටි,ඉඟුරු පියලි සමඟින්) පට වස්ත්රයක් රියන් තුනක් දිගින් දිවිතෙල් ගිතෙල් මිශ්ර පහන්13ක් මේ තරංගනී දේවියට අයත් ප්රදාන දොල් පූජා වේ.මෙකී දොල පූජා තටුවේ තබා තෙල් හැලියද තටුවේ තබා ජපනූල් ඇද අංගසම්පූර්න ජපයකට නිසි පරිදි සූදානම් කල යුතුය.ඉන්පසු එළඹෙන සවෙනි නැකතින් මංගල බෙහෙරි වාදන සංඛ නාද පංචතූර්ය නාද මද්යයෙහි තෛලයට දේවතා බන්ධන ජීවම ආරම්බ කල යුතුය 

පලමුව ඉෂ්ඨ ප්රවර දිෂ්ටිය යොදා දෙවනුව විෂ්ණු දිෂ්ටිය විෂ්ණු වෛරෝඩිය යෙදිය යුතුය.තෙවනුව කන්දකුමාර දිෂ්ටිය කන්දකුමාර වෛරෝඩිය යෙදිය යුතුය.සිව්වනුව දැඩිමුණ්ඩ දිෂ්ටිය දැඩිමුණ්ඩ වෛරෝඩිය යෙදිය යුතුය.පස්වනුව හනුමා දිෂ්ටිය හනුමා වෛරෝඩිය යෙදිය යුතුය සවෙනුව මහා රාජ තරංගනී ආරාධනා මන්ත්රයෙන් 324වරක් යෙදිය යුතුයි.සත්වෙනුව මහා රාජ තරංගනී ප්රථම දිෂ්ටි මන්ත්රය 324වරක් යෙදිය යුතුයි.අට වෙනුව මහා රාජ තරංගනී දෙවන දිෂ්ටි මන්ත්රයෙන් 324වරක් ජීවම යෙදිය යුතුයි.නව වෙනුව මහා රාජ තරංගනී ප්රාණ මන්ත්රයෙන් 324වරක් ජීවම යෙදිය යුතුයි.දස වෙනුව මහා රාජ තරංගනී ජප මන්ත්රයෙන් එසිය අට,දහස්,දස දහස් හෝ ලක්ෂවර ජීවම් බල පිහිටුවිය යුතුයි.එකොලොස්වෙනුව මහා රාජතරංගනී නාම සිද්ධි බන්ධනය අපේක්ෂිත සිද්ධිකාරයාගේ නම යොදා අවන දස දහස් වාරයක් ජීවම් බල පිහිටුවිය යුතුයි.

දොලොස්වෙනුව මහා රාජ තරංගනී වෛරෝඩිය නම් මන්ත්රයෙන් 334වර හෝ දහස්වර ජීවම් බල පිහිටුවිය යුතුයි නිසි ආකාරයෙන් තෛල ජීවම පවත්වාගෙන ආවේනම් මෙම අවස්ථාවේ තෙල් බඳුන තුලින් නොයෙකුත් ආලෝක දහරාවන් විහිදෙන බව වගකීමෙන් ප්රකාශ කල හැකිය.දහතුන් වෙනුව මහා රාජ තරංගනී පලිප්පු මන්ත්රයෙන් 324වරක් මතුරා ජප පලිප්පු පිහිටුවිය යුතුයි.දහ හතර වෙනුව මහා රාජ තරංගනී පුට මන්ත්රයෙන් 324වර මතුරා ජප තහවුරු කල යුතුයි.පසලොස් වෙනුව මහා රාජ තරංගනී සිද්ධි මන්ත්රයෙන් 324වර මතුරා ජප සිද්ධි කල යුතුයි දහසය වෙනුව එළඹෙන්නේ මෙතෙක් සිදුකල ජීවමේ අවසන් අවස්ථාවයි එනම් පලමු අනුගමනය කල නැකැත් වල සත්වෙනි නැකතින් මහා රාජ තරංගනී දිෂ්ටි බන්ධන මන්ත්ර මතුරා ජප බැඳීමයි මෙම කර්තව්යයෙන් අමිලවූ මහා අනර්ඝ මහා රාජ තරංගනී තෛලයට අයත් සියළු කටයුතු අවසන් වේ සුදුසු බෝතලයකට රැගෙන පියන් වසා මාවී පිරවූ බඳුනකට දමා කිලි කුනු වලකා ආරක්ෂිතව සුරැකිව තබා ගත යුතුයි.

මෙම මහා රාජ තරංගනී තෛලයෙන් රජවරයෙකුගේ තේජසත් සිටුවරයෙකුගේ දනයත් තමා කරා ආකර්ශනය වේ තමාගේ සියලු දොස් දුරුවී ග්රහ අපල නැසී සකල සෞභාග්යය ඓශ්චර්යය උදාවේ සත්තයි අත්දුටුයි මෙම මහා රාජ තරංගනී තෛලය තුලින් තවත් බොහෝ හාස්කම් සිදුකල හැකි බව ඓතිහාසික පුස්කොල තෛල වට්ටෝරුවේ සඳහන් වේ .තෙරුවන් සරණයි!