සරස්වතී තෛලය සකස් කරන අයුරු

 🌿 සරස්වතී තෛලය සකස් කරන අයුරු

🌿 සරස්වතී තෛලය සකස් කරන අයුරු

සරස්වතී තෛලය ආයුර්වේද ඖෂධීය තෙල් එකක්. මනෝ ශක්තිය, මතක ශක්තිය, නින්ද හා ශාන්තභාවය වැඩිකිරීමට භාවිතා කරයි.

අවශ්‍ය ද්‍රව්‍ය

කොළ හා ගස් කොටස්
කොල්ලන්කොල

බ්‍රඟමාලකොල

නාගවල්ලි

සතුරු සම්මැට්ටිය

නිදිකුම්බ

තලතෙල්

කල්කලෙස දමන ඖෂධ

දේවදාර

හිඟුරු පියලි

සපුකැකුළු

තිත්ත කපුරු

අගිල්

ගෝරෝචන

තිරිනෝරු

ජටාමාංශ

කොට්ටන්

ඇත්මද

සිරිතේක්කු

යුෂ සහ කකාරා
මදගින්නේ කකාරා (පේද කිරි යුෂ)

දුටුසතුටු කොළ යුෂ (Bhringaraja decoction)

🪔 සකස් කිරීමේ ක්‍රමය

කොළ සකස් කිරීම


ඉහත සඳහන් කොළ නලිය බැගින් ගෙන,

එළකිරි තුනකට වත්කර,

7 දිනක් මදගින්නේ කකාරා නලියට සිඳවන්න.


තලතෙල් සකස් කිරීම

තලතෙල් එක ගෙන,

දේවදාර, හිඟුරු, සපුකැකුළු, තිත්ත කපුරු, අගිල්, ගෝරෝචන, තිරිනෝරු, ජටාමාංශ, කොට්ටන්, ඇත්මද, සිරිතේක්කු — මේවා කලඳ බැගින් ගෙන එකතු කරන්න.

මෙයට දුටුසතුටු කොළ යුෂ දමන්න.

හදන ක්‍රමය

සතරවෙනි දිනේ, සකස් කළ තලතෙල් හා කල්කලෙස ගත් ද්‍රව්‍ය මෘදු පාකයට (low flame) බාපෙරන්න.

තෙල් වටාපිටින් ගැලවෙමින් සකස් වූ විට ඉවත් කර ගන්න.

දැන් සරස්වතී තෛලය අවසන්.

✨ ප්‍රතිලාභ
මනෝ ශක්තිය වැඩි කරයි

මතක ශක්තිය වැඩි කරයි

නින්ද පිළිවෙලට ගෙන එයි

නාසය, කන, හිස රෝග වලට ප්‍රයෝජනවත්

ශාන්තභාවය වැඩි කරයි.

ඉතින් මේ තෙල ගැන පුරාණයේ සිටම තව ප්‍රතිලාභ සදහන්ව ඇත. නොයෙකුත් දෙනා විවිදාකාර දේවල් කියති. විවිද මත දරති. තෙල විකුනන්න බොරුත් කියති. එමනිසා ඔබ නැණ නුවණින් විමසා බලා මෙම තෙල භාවිතයට ගන්න. මෙය ආයුර්වේද ඖෂධීය තෙල් එකක් බව මතක තබාගන්න.

තෙල් ටිකක් අවශ්‍යම අයෙක් ඇත්නම් මට දන්වන්න.

mantharagurukam@gmail.com

සරස්වතී තෛලය. ( පුරාණය)

තෙල්වර්ග අතර ඉතාවටිනා කැපීපෙනන තෙලක්වන සරස්වතී තෛලය ඉතා ඉහල ගුණදෙන තෙලකි.මෙමතෙල සතියක් වැලඳුවකළ කටහඬ කිඳුරුනාද සමවෙන බවත් මසක් වැළඳුවකල මයුරන්ටමෙන් පෙනීම ලැබෙන බවත් දෙමසක් වැළඳුවකල බ්‍රහස්පතීහා සමවෙන බවත් තුන්මසක් වැලඳුවකළ සරස්වතියහා සමවන බවත් හැටඅටක් මුඛරෝග සුවවෙනබවත් දහසක් කුෂ්ඨරෝග භංගවනබවත් අර්ශෂ් ගුල්ම රුජා ඔල්මාද විකාර නැතිවනබවත්  ශාස්ත්‍රයේ සඳහන්වේ.

කතාවෙහි චතුරබව ඇතිවේ මෙමතෙල වැළඳීමෙන් තොටගමුවේ රාහුල හිමියන් වේද ශාස්ත්‍රයන්හා ෂට්බාශාවන් පිළිබඳ ඉහලචරිචයක් ලබාගතහැකි අසමසම මතකශක්තියක් ලබාගත්බව ඉතිහාසකතාවන්හි සඳහන්වේ.

තොටගමුවේ ශ්‍රී  රාහුල හිමියන් පිලිබදව බිදක්

ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන් කෝට්ටේ යුගයේ විසූ මහා කවියකු ලෙස සැලකෙයි. රාජ සභා මැද කල් ගෙවමින් සැළලිහිණි සන්දේශය, පරවි සන්දේශය වැනි මහා සාහිත්‍ය ග්‍රන්ථ රචනා කළ උන්වහන්සේ ජීවිතයේ පසු කලෙක මුහුණ දුන් රාජ්‍ය අර්බුද සහ කලකිරීම් මැද අප්‍රකටව වාසය කළහ. එහෙයින් උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් තොරතුරු ප්‍රචලිත නැත. කුඩා කල සරස්වතී තෛලය විශාල වශයෙන්

වැළඳීම හේතුවෙන් උන්වහන්සේ මහා දැනුම් සම්භාරයකින් යුතු වූ බවද අපවත් වීමෙන් පසුද දේහය දිරාපත් නොවී කෙස්, නිය වැඩෙන්නට ගත් බවද කියැවෙයි.
තෙරුවන් සරණයි!